today update

අද දිනට මිනුවන්ගොඩ පොකුරේ කොවිඩ් ආසාදිතයන් 87යි.. මුලු ගණන 2162

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 40දෙනෙකු හදුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් දිවුලපිටිය කොවිඩ් පොකුරේ 19දෙනෙකු වන බවයි.

ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ද වේ.

අනෙක් පුද්ගලයින් 21දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා (18.55) වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 87කි.

දිවුලපිටිය කොවිඩ් පොකුරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2162ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *